කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය

කුඹුක්ගැටේ

2023 "Upcoming school vacation for Christmas and A/L"

Sequence0100_00_39_12Still002.jpeg
Sequence0100_00_39_12Still002.jpeg

විදුහල්පති පණිවිඩය

එම්.පී.රුද්‍රිගු 

විදුහල්පති තුමාගේ පණිවිඩය,

 

අද වන විට විද්‍යාවේ සහ තාක්‍ෂණයේ වේගවත් දියුණුව බොහෝ නව නිපැයුම් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ලොව පුරා පැතිරී ඇති දැනුම හා අත්දැකීම් ආයාසයකින් තොරව බෙදා ගැනීමට ගෝලීය ප්‍රජාවට හැකියාවලැබී ඇත්තේද මේ නිසාවෙනි. දැනුම හා තාක්ෂණය සාක්ෂාත් කර ගැනීමේ වේගය යම් රටක තොරතුරු තාක්ෂණ පද්ධති සහ අධ්‍යාපනය මත රඳා පවතී. අද මෙය රටක ආර්ථික සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

 

අධ්‍යාපනික දියුණුව යනු සාක්ෂරතාවයෙන් හෝ විභාග සමත් සිසුන් සංඛ්‍යාවෙන් නොවේ. අධ්‍යාපනය යන වචනය පිටුපස ඇති සැබෑ අර්ථය ලෝකයේ තිරසාර සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක වන අතරම, සමාජීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීමට හැකි මිනිසුන් බිහි කිරීමයි.

 

කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසලක් ලෙස විවිධ ක්ෂේත්‍ර වල විද්වතුන් විශාල පිරිසක් බිහිකර ඇත. අප පාසලේ සිසුන් තම මාතෘ භූමියට අභිමානයෙන් සේවය කරමින් ඉදිරියටත් අනාගතයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජාතියේ විශිෂ්ඨ චරිත බවට පත් කිරීම අපගේ පරම යුතුකම ලෙස සිතමි.

 

අපගේ ප්‍රධානතම වගකීම සහ යුතුකම වන්නේ හොඳින් උගත් පුද්ගලයා බිහිකිරීම පමණක් නොව මනා හික්මීමකින් යුතු සදාචාරය සහ මානුෂීය වටිනාකම් ඇති පුරවැසියන් බිහිකිරීමයි. කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය විවිධ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිසුන්ට යහපත් සදාචාරාත්මක ගුණයෙන් යුත් සමබර උගත් ශ්‍රී ලාංකිකයෙකු බවට පත්වීමට මග පෙන්වයි.

 

අබ්දුල් කලාම් ප්‍රකාශ කරන ආකාරයට අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ නිපුණතාවයෙන් හා ප්‍රවීණත්වයෙන් යුතු යහපත් මිනිසුන් බවට පත්කිරීමයි.එලෙස ප්‍රබුද්ධ මිනිසුන් නිර්මාණය කළ හැක්කේ ගුරුවරුන් විසිනි.තවද වි.එල්.ලෙනින් කියන විදියට අපි දරුවන්ගේ චරිත හැඩගස්වාගත යුතුයි. ඒ අපිත් එක්ක යන්න නෙවෙයි, අපිව ඉක්මවා යාමට. එමගින් අපට වඩා හොඳින් ගෝලීය අභියෝගවලට මුහුණ දෙන, ලෝකය දෙස විවෘත ඇසකින් දකින ජාතියක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 

අනාගත ලෝකයට අභිමානවත් ලෙස පිය නගන කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයට මාගේ සුභ පැතුම්.

 

එම්.පී.රුද්‍රිගු 
විදුහල්පති
කුඹුක්ගැටේ මධ්‍ය විද්‍යාලය.