![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
1934 දී මෙම පාසල පුරාණ කසාගල රජ මහා විහාරස්ථානයේ දී එහි වැඩ විසූ පූජ්‍ය දොරවේරුව සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත. 1938 දී වර්තමාන පාසල් භූමියට ගෙනෙන ලද අතර බෞද්ධ පාසලක් ලෙස නම් කරන ලදී. 1939 මාර්තු මස 18 වන දින රජයේ පාසලක් බවට පත් කරන ලදී.1942 01.01 දින මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස ලියාපදිංචි කර ඇත. පාසැල් රජයට භාර දීමෙන් අනතුරුව විදුහලේ භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු වේ. ඒ අනුව මුල් වරට 80 x 20 ගොඩනැගිල්ලක්ද ගුරු නිවාසයක් ද ස්ථිරව ඉදිකර ඇත. විදුහලේ ආරම්භක විදුහල්පති ධුරය ඉසිලූ යේ පී.බී කන්දෙපොල මහතා ය.









