අගයමු ඔබේ ගුණ නිති සමරා අප
දිවි ගඟ ගලන තුරා
කුඹුක්ගැටේ අප විදුහල් මාතා
නමදිමු සිරස නමා.....
කුලුණු ගුණෙන් යුතු
සමගි දැමෙන් බැඳි සූර පුතුන් දියණියන් සදා
ලොවට බෙදා වැජඹෙයි සැමදා ඔබ
කිත් පැසසුම් සමුදා ලබා
අගයමු ඔබේ ගුණ.....//
ලලිත කලා රස හදරන්නා
විදු කිරණින් නැණ එළි දල්වා
දිවි මල් උයනට රන්දිය වස්සන
සිසිලස රැඳි මේ කුළ ඔබ මාතා
අගයමු ඔබේ ගුණ.....//
ඔබේ පා සෙවනේ සිසිල ලැබේ
අප බැති කුසුමන් ඔබට පිදේ
අවිදු අඳුර දුර කර නව ලොවකට
එළිය දෙවන දිනිසුරු ඔබ වේ
අගයමු ඔබේ ගුණ......//
ඔබ හද මැදුරේ වසනා සරසවි
සුර ගුරු නෙත් අප වෙත යොමවා
අප දිවි මග නිති සරු කර ලන්නට
දෙන්න වරම් උදාර මාතා
අගයමු ඔබේ ගුණ.....//
.
Lyrics - Mr.G.D Nihal Athukorala Melody - Mr. W.A.S Silva





