සිසු ආචාර ධර්ම
- පාසල ආරම්භ කිරීමට (පෙ.ව. 7.30 ට) අවම විනාඩි 20කට පෙර පාසලට පැමිණීම.
- තමන්ට පැවරී ඇති පිරිසිදු කිරීමට නිමිති ස්ථාන ආරම්භක සීනුව නාද වීමට පෙර අනිවාර්යෙන් පිරිසිදු කර අවසන් කිරීම.
- අධ්‍යන කටයුතුවලට පෙර සූදානමක් ඇතිව පන්ති කමරයට පැමිණීම.
- අත්‍යවශ්‍ය කරුණකට හැර පන්ති කාමරයක් බැහැර නොවීම හා විධානයන්ට අවනත විය යුතුය.
- පාසල් කාලය තුළ අනවශ්‍ය ලෙස පාසල් කාල පරිච්චේද තුල ඇවිදීමෙන් වැලකීම.
- අංග සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී පාසල තුළ තමන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම.
- පාසැල තුළ මෙන් ම ඉන් පරිබාහිරවත් පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරීම.
- ශිෂ්‍යයා සෑම විටම තමාගේ බාල සිසුන්ට ආදර්ශමත්ව හැසිරිය යුතුය.
- ඵලදායි අනාගතයක් ගොඩ නගා ගැනීමේ නිරන්තර අවධානයකින් හා උත්සාහයකින් කටයුතු කිරීම.
- විද්‍යාලයේ පනවා ඇති සියලු විනය නීති පද්ධතීන්ට අවනතව ක්‍රියා කිරීම.
ගුරු ආචාර ධර්ම
- පාසල ආරම්භ කිරීමට (පෙ.ව. 7.30 ට) අවම විනාඩි 20කට පෙර පාසලට පැමිණීම.
- පාසල ආරම්භ වීමට කලින් සිසුන් ඉටු කලයුතු කාර්යන් (පිරිසිදු කිරීම් ආදිය) අධීක්ෂණය හා මෙහයවිම.
- පාසල තුල සියලු චර්යා වලින් සිසුන්ට ආදර්ශමත් වීම.
- මානව දයාවෙන් යුක්තව විනය ගරුකව හා නීති ගරුකව සිසුන් සමග කටයුතු කිරීම.
- පාසල හා සිසුන්ගේ අභිවෘද්ධිය පතා හැම විටම කටයුතු කිරීම.
- බාහිර පාර්ශව හා කටයුතු කිරීමේදී විද්‍යාලයේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම.
- තමාගේ සේවා කටයුතු තමන්ට හැකි උපරිමයෙන් ඉටු කිරීම.
- කළමනාකරණය හා සෙසු ආචාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
- හැම විටම තමාගේ පෞර්ෂය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම.
- ශිෂ්‍යාගේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය පරිදි දෙමාපියන් සමග සම්බන්ධතා පැවැත්වීම.
අනධ්‍යන මණ්ඩලයේ ආචාර ධර්ම
- පාසල ආරම්භ කිරීමට (පෙ.ව. 7.30 ට) අවම විනාඩි 20කට පෙර පාසලට පැමිණීම.
- දෛනික රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය පෙර සුදානම සකස් කරගැනීම.
- පාසලේ විනය අනුව ඇදුම් පැළදුම් වලින් යුක්ත වීම.
- දෛනික රාජකාරි කටයුතු වලදී ආචාරශීලී පුද්ගලයෙකු වීම.
- තමන්ට පැවරෙන රාජකාරි තමන්ට හැකි උපරිමයෙන් ඉටු කිරීම.
- පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි බාහිර පුද්ගලයන් සමග කටයුතු කිරීම.
- ආචාර්ය මණ්ඩලය හා සිසුන් සමග ඇතිවිය හැකි ගැටළු අවම වන සේ කටයුතු කිරීම.
- පාසලේ අභිවෘද්ධිය තකා තම රජාකාරී කටයුතු වල නියැලීම.
- ඉහළ නිලධාරීන්ගේ ස්ථිර තීරණවලට අවනතව කටයුතු කිරීම.
- පාසල මගේ ගෞරවනීය සේවා ස්ථානය ලෙස සිතේ දරාගෙන කටයුතු කිරීම.





