අක්කර 7 හමාරක භූමි භාගයක් එක් පසෙකින් ගන මූකලන් කැලෑ රොදකින්ද අනෙක් පසින් කුඹුක්ගැටේ වාරිපොල මාර්ගයටද අතර මැදිව පිහිටා ඇති අප පාසල අද වන විට මුළු ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
1934 දී මෙම පාසල පුරාණ කසාගල රජ මහා විහාරස්ථානයේ දී එහි වැඩ විසූ පූජ්‍ය දොරවේරුව සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත. 1938 දී වර්තමාන පාසල් භූමියට ගෙනෙන ලද අතර බෞද්ධ පාසලක් ලෙස නම් කරන ලදී. 1939 මාර්තු මස 18 වන දින රජයේ පාසලක් බවට පත් කරන ලදී.1942 01.01 දින මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස ලියාපදිංචි කර ඇත. පාසැල් රජයට භාර දීමෙන් අනතුරුව විදුහලේ භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු වේ. ඒ අනුව මුල් වරට 80 x 20 ගොඩනැගිල්ලක්ද ගුරු නිවාසයක් ද ස්ථිරව ඉදිකර ඇත. විදුහලේ ආරම්භක විදුහල්පති ධුරය ඉසිලූ යේ පී.බී කන්දෙපොල මහතා ය. එවකට ගුරු මණ්ඩලය විදුහල්පති තුමා සමග දෙදෙනෙකි. පාසල් භූමි ප්‍රමාණය අක්කර හතකි. මුල්ම ශිෂ්‍යයා වූයේ සන්තානාගම පදිංචි ආර්.එම්. තෙන්නකෝන් බණ්ඩා මහතාය. ඔහුගේ ඇතුලත්වීමේ අංකය එකය.1941 දී ශිෂ්‍ය සංඛ්‍යාව 118 කි.1942 කණිෂ්ඨ පාසලක් බවට පත්විය. පන්ති පැවැත්වූයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණි.
ප්‍රථමයෙන් විදුහලට ඉංග්‍රීසි ගුරුවරයෙකු පත් වූයේ 1950.01.09 දීය. එම ගුරුවරයා වූයේ එස්.බෝදරගම මහතාය. 1951 දී දෙවන ගොඩනැගිල්ල ඉදි කරන ලදී, 1954 දී අටවන ශ්‍රේණිය ද,1955 දී පූර්ව ජේෂ්ඨ පන්තිය ද,1956 දී ජේෂ්ඨ පන්තියද ආරම්භ කර ඇත. 1973 දී මහා විද්‍යාලයක් බවට පත් විය. 1980 දී වර්තමාන පාසල් ලාංඡනය නිර්මාණය කරන ලද අතර 1980 දීම ටයිපටිය වර්ණය ගැලපීම සිදු කරන ලදී. 1985 වසර වනවිට මෙම විදුහලේ භෞතික සම්පත් වල විශාල ප්‍රගතියක් ඇති විය. 1986 දී ප්‍රධාන ශාලාව ඉදි කරන ලදී.ඉන් පසුව 2000.01.11 වන දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී. 2003 දී නවෝද්‍යා පාසලක් බවට පත් වූ අතර 2011 දී ද්විතීක පාසලක් බවට පත් විය. 2013 දී 1AB සුපිරි පාසලක් බවට පත් විය.
2015 වර්ෂයේ දී තාක්ෂණික විෂය හඳුන්වා දුන් අතර විශිෂ්ට ප්‍රතිඵල පාසල වෙත ලැබිණි. එවිට 2013 වර්ෂයේදී ආරම්භ කළ විද්‍යා විෂයධාරාව තුළින් 2015දී දරුවෙකුට විශ්වවිද්‍යාල වරම් ලැබීමද සුවිශේෂි කරුණකිපෝෂිත පාසල් වලින් බඳවා ගන්නා 5ශේණියේ ළමුන්ට අමතරව ඉහළ ශිෂ්‍යත්ව ලකුණු ලබාගන්නා සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසලක් ලෙස ප්‍රදේශය පුරා කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ විශිෂ්ටත්වයක් උසුලයි. 2017 වර්ෂයේ අ.පො.ස [සා.පෙළ] විභාගයට ඉදිරිපත් වූ සිසුන්ගෙන් ඉතිහාසයේ පළමුවරට විෂයයන් නවයට ම විශිෂ්ට සාමාර්ත ලැබීමද එමෙන්ම 65% ක වූ සමත් ප්‍රතිශතය 76% ක් දක්වා ඉහළ යාමද සමස්ත පාසලම ලැබූ ජයක්ග්‍රහනයකි.
එක ශ්‍රේණියේ ඇරඹි පාසල 2011දී දිවිතීක පාසලක් බවට පත්වූයේ පාසල් දහසේ සොකල්පය ඔස්සේය. විශේෂ අධ්‍යාපනය ඒකකයක් සහිතව පන්ති 56කින් සමන්විත වන පාසලේ වර්තමාන නියමුවන් වන්නේ එම්.එන්.රුද්‍රිගු මහතාය.ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000 පමණ ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වන අතර ඔවුන්ට මඟ පෙන්වනු ලබන ගුරුභවතුන් සංඛ්‍යාව 77 කි. එමෙන්ම අධ්‍යන සේවක මණ්ඩලයේ සාමාජිකයින් අධ්‍යනය කාර්ය මණ්ඩලය සේම පාසල අධ්‍යාපන සංවර්ධනයට මෙන්ම පරිපාලනයටද අත්වැලකි.
දරුවන්ට කියවීම ඇති කරනු ලබන පුස්තකාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් හෙබි විද්‍යාගාරය, ගෘහ ආර්ථික විද්‍යා අංශය, සෞන්දර්ය ඒකකය, කෘෂි ඒකක, මෙන්ම පාසල ජනප්‍රිය මෙන්ම ප්‍රදේශ තුළ බබළන පාසලක් බවට පත් කළ තාක්ෂණික පීඨය කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ අභිමානය පසක් කරනු ලබයි.
|
ආරම්භ කළ වර්ෂය |
1934 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කුඹුක්ගැටේ මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1939 මාර්තු මස 18 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පුරාණ කසාගල රජ මහා විහාරස්ථානයේ දී |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
තෙන්නකෝන් බණ්ඩා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |





